loader image

Dinetha Astrological Institute

අපගේ සේවාවන්

පාරම්පරික සහ විද්‍යාත්මක ජ්‍යොතිෂ මූලධර්මයන්ට අනුකූලව ඔබ වෙත සැපයෙන විශ්වාසනීය සේවාවන්

දේශීය හා විදේශීය හඳහන් සෑදීම

ශ්‍රී ලංකාව ඇතුළු ලොව ඕනෑම රටකින් ඔබේ ජන්ම විස්තර ඇසුරෙන් නිවැරදි හඳහනක් සකස් කර ලැබේ.

පලාඵල කථනය

ඔබේ ජීවිතයේ ගෙවී ගිය, දැනට ඇති, ඉදිරියේ ඇතිවිය හැකි සිදුවීම් නිවැරදිව ජ්‍යොතිෂ ශාස්ත්‍ර ඔස්සේ විස්තරාත්මකව ප්‍රකාශ කෙරේ.

විවාහ පොරොන්දම් පරීක්ෂාව

ජීවන සහකරු හා සහකාරිය සසඳා, යුවළකගේ ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීම සඳහා කෙරෙන නිවැරදිම මඟපෙන්වීම.

විවාහ නැකත්පත්‍ර සෑදීම

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය විවාහ නැකත් ඇතුළත් නැකත් පත්‍රය නිවැරදිව සකස් කිරීම.

නිවාස නැකත්

නව නිවසක් ඉදිකිරීම, වහල තැනීම, ප්‍රධාන උලුවහු තැබීම, ගෙට ගෙවැදීම සහ කිරි ඉතිරවීම සඳහා සුභ නැකත් ලබා දීම.

මල්වර නැකත්

දැරියන්ගේ දෙවන උත්පත්තිය ලෙස සැලකෙන මල්වර අවස්ථාව නිවැරදිව හඳුනාගෙන චාරිත්‍රානුකූලව සියලුම නැකත් චාරිත්‍ර සමඟ මල්වර පලාඵල පැවසීම.

සෙත් පූජා පැවැත්වීම

ඔබේ ගෙදර, ව්‍යාපාරය, ඔබ හා ඔබේ පවුලේ දියුණුව, විවාහ ප්‍රමාදය, දරුඵල ලැබීමේ ප්‍රමාදය, රැකියා උසස්වීම් සහ නඩු හබ ජය ගැනීම සඳහා සෙත් පූජා පැවැත්වීම.

ශාන්තිකර්ම කිරීම

නිවාස ආරක්ෂා කිරීමට සහ ව්‍යාපාර ආරක්ෂා කිරීමට ශාන්තිකර්ම සිදුකෙරේ.

සෙත්කවි රචනා කිරීම සහ සුගායනය

ග්‍රහ අපල දුරුකිරීමට, අධ්‍යාපන කටයුතු සඳහා, රැකියා දියුණුව සඳහා, දරුඵල ප්‍රමාද වීම සඳහා, නඩුහබ ජය ගැනීම සඳහා, විදේශගතවීම් සඳහා තිබෙන අපල බාධක කරදර දුරු කර මානසික සුවය ඉහළ නැංවීම පිණිස

නඩු හබ ජය ගැනීම

නීතිමය ගැටළු, නඩු කටයුතු සාර්ථකව නිමා කිරීමට කටයුතු කිරීම.

නිවාස · ව්‍යාපාර ආරක්ෂාව

අමනුෂ්‍ය බලවේග, ඇස්වහ කටවහ හෝවහ ඉවත්කිරීම සහ දියුණුවට කටයුතු කිරීම

බහිරව පූජා සහ වින කැපීම

තමන්ට අයිති භූමි වල මියගිය පෙර උරුමක්කරුවන්ගේ බලපෑම ඉවත්කිරීම, නමට හෝ ස්ථානයට කරන ලද අනවින හදිහූනියම් කොඩිවින වල බලපෑම ඉවත්කිරීම, එම භූමියට අයිති බහිරව දෝෂ ඉවත් කිරීම, එම භූමිය ආරක්ෂා කිරීම සහ හිමිකරුවන්ගේ පවතින දෝෂ ඉවත් කිරීම.